එන්න මගේ මල් වත්තට...

මම සමනල් පැටිය. මේ මගේ මල් වත්ත. සමනල් පැටිය හරිම හුරතල්. හරිම අහි0සකයි.

මෙතන ඉදන් ඔයගොල්ලන්ට පුලුවන් සමනලය ලියන දේවල් කියවන්න.

සමනලයට අවසරයි....................

සමනලයගෙ පසු පස එන්නන්..

මේලයකින් ෆලෝ එකක් දෙමුද..?

Monday, December 26, 2011

අදට අවුරුදු 7යි. ( ඇත්ත අත්දැකීමක් )

"අදට අවුරුදු 7ක් වෙනවා. ඒත් මට ඊයේ සිද්ද වෙච්ච සිද්දියක් වගේ මතකයි."

මුලින්ම තියෙන පින්තුරේ දැක්ක හැටියම හැමෝම දන්නව මොනව ගැනද අද සමනලය කතා කරන්න හදන්නෙ කියලා. 

මුලින්ම මේ ටිකත් කියන්න ඕන. සමනලයා තාම බ්ලොග් කෙටිල්ලට අලුත්. ඒ නිසා තාම සමනලයා හරියටම දන්නෙ නෑ බ්ලොග් කියවන අයගෙ රුචි අරුචි කම්. ඒක නිසා තමයි මුලින්ම සමනලයා නවල්ස් වලට වෙනමම බ්ලොග් එකකුත්, ජීවිත කතාවට වෙනමම බ්ලොග් එකකුත් හැදුවෙ. ඒත් සමනලයට දැන් පසක් වීගෙන වීගෙන වගේ යනවා ඒක සාර්ථක නෑ කියලා. ඒක නිසා සමනලයා තීරනය කරා බ්ලොග්ස් 2ක් ලියන්නෙ නැතුවා ලේබල්ස් වලට බෙදලා එකම බ්ලොග් එකේ ඔක්කොම දානවා කියලා.

ඒක නිසා මීට පස්සේ 138 නෑ. සමනල් පැටියා විතරයි..  

_________________________________________________________________________________



2004 දෙසැම්බර් 26 උදේ ඉර පෑවුවා. වෙනද වගේමයි. කිසිම වෙනසක් නෑ. කවුද හිතුවෙ මේක මුලු ළOකාවෙන් හරි අඩකම වගේ ජන ජීවිතේ කීතු කීතු කරන කාලකන්නි දවසක් වේවි කියලා. කවුරුවත්ම හිතන්න නැතුව ඇති. ඒක නිසා තමයි හැමෝම වෙනද වගේම තම තමන්ගෙ සුපුරුදු රාජකාරි සඳ පිටත්ව ගියේ. කිසිම බයක් සැකක් නැතුව කොළඹ කොටුවෙන් උදේ 6.50 පිටත් වෙන, ගාල්ලට එන පලවෙනි කෝච්චියට අම්මල තාත්තල තමන්ගෙ ආදරනීය ළමයිත් අරන් නැග්ගේ.

ඒත් හැමදේම වෙනස් වෙන්න ගියේ විනඩි 5කටත් අඩු කාලයක්. සමනලයට අද වගේ මතකයි සමනලය අම්මයි, තාත්තයි, මල්ලී එක්ක සුනමි රැල්ල පස්සෙන් පන්නද්දි දුවල ගිහින් ස්ලැබ් එකකට නැගල බේරුන හැටි. සමනලය ඇස් දෙකෙන් බලාගෙන ඉන්දැද්දිම ඇන්ටි කෙනෙක් වතුරෙ ගහගෙන ගිය හැටි. සමනලයා ඉස්සර ජීවත් වෙච්ච මාගාල්ලේ ගේ වටේ තිබුන විසල් තාප්ප කාඩ්බෝඩ් වගේ කඩන් වැටුන හැටි..



සමලයා එතකොට පොඩී. 8 වසරෙන් 9 වසරට පාස් වුනා විතරයි. එදා පෝය දවසක් වුනේ නැත්නම් සමනලය ඒ වෙන කොට ගාල්ල බස් ස්ටැන්ඩ් එකේ, මාතර කිවු එක හරියේ. එහෙනම් සමහර විට මේ බ්ලොග් එක ලියන්න සමනලය නැති වෙන්නත් ඉඩ තිබුන, මොකඩ ඒ කාලෙ සමනලයට ඔය වගේ වෙලාවකදි මොනව කරන්නද කියලා ඔලුවට එන්නැති ගතියක් තිබුනා. ( දැන්නම් එහෙම අවුලක් නෑ. කොහොමත් දැන් සමනලය තනියමනේ අගනුවර ජීවත් වෙන්නේ. )

අපි හිටියෙ මාගාල්ලෙ නේවි කෑම්ප් එක ගාව. නේවි එකෙන් තමයි ඇවිත් කිව්වෙ මුහුද ගොඩ ගලනව, දුවන්න කියලා. අපේ ඔලුවට එච්චරම ගියෙත් නෑ, මොකද මුහුද සැර දවසට සී ස්ට්‍රීට් එකට එහෙමත් වතුර එනව කියන එක ගාල්ලෙ අයට රහසක් නෙමෙයිනේ.

එලියට ඇවිත් බැලුවහම තමයි දැක්කෙ රැල්ලෙ උස. ඒක දැක්කහම අපිට ගෙදර උඩ තට්ටුවට නගින්න බැරි උනා. නේවි එකේ අය අපේ වත්ත මැද්දෙන් දුවනව. අපිත් ඒ අය පස්සෙන් දිව්ව. ඒ ගොල්ලො දුවල ගිහින් වත්ත කෙලවර තිබුනු අනුලා දේවී එකේ තාප්පෙ උඩින් පනිනවා. අපිට එහෙම පනින්න බෑ. වත්ත අන්තිම තියෙන ස්ලැබ් එක උඩ මාලු අල්ලන දෙන්නෙක් නැගල හිටියා. ඒ දෙන්න මුලින්ම මාවයි, මල්ලිවයි උඩට ගත්ත. අම්මවත් ගත්ත. 

තාත්තා අම්මව උඩින් තියන කොටත් වතුර පොඩ්ඩක්වත් ඇවිත් නෑ. අම්ම උඩට නැගල හැරෙන ඩින්ගට තාත්තගෙ උරහිස ගාවට වතුර පිරිල. අම්මයි, අර මිනිස්සු දෙන්නයි එකතු වෙලා තාත්තව උඩට ඇදල ගත්ත. 



තාත්තගෙ මොබයිල් එක ගෙනත් නෑ. සමනලය ගාවත් ඒ කාලේ මොබයිල්ස් නෑ, පොඩි දරුව වෙච්චි.. අම්මගෙ මොබයිල් එකෙන් අම්මා කෝල්ස් ගන්න පටන් ගත්ත. ( සුනාමි වෙලාවෙ මොබයිල්ස් අවුට් ඔෆ් සර්විස් උනාට, මේ වෙලාවෙ වැඩ කරා. ටිකකින් තමයි අවුට් ඔෆ් සර්විස් වුනේ. )

අම්මා ෆෝන් බුක් එකේ නම්බර්ස් වලට කතා කරන්න ගත්තා. මුලින්ම තිබුනෙ අයියා කියලා. ඒ කියන්නේ මගේ ලොකු මාමා. එයලා ඉන්නේ මාම්පිටියේ. අම්මා මාමාට කතා කරල කිව්වා "මුහුද ගොඩ ගලනව අපිව බේර ගන්න එන්න" කියලා. ස්ලැබ් එක උඩත් අපේ කකුල් හරියටම වතුර ඇවිත් එහෙම්මම බැහැල ගියා. හැමදේටම විනඩි 5වත් ගියේ නෑ.


***

නොදැනීම වගේ පෝස්ට් එක දිග වැඩි උනාද මන්දා..සමනලයා මුහුන දීපු ඒ අවාසනාවන්ත, අමිහිරි අත්දැකීමේ ඉතුරු ටික ඊළඟ පෝස්ට් එකේ දාන්නම්..

<<<<<<<<>>>>>>>>>>>>කමෙන්ට් එකක් දාලම යන්න..


4 comments:

  1. බලන් ගියාම ගමේ පොරක්නෙ....

    වැඩක් නෑ එදා වෙච්ච ඒව ගැනනම් කතාකරලා... අපිට රිද්දනව විතරයි අයෙමත්....

    ReplyDelete
  2. වර්ඩ් වෙරිෆිකේශන් එක අයින් අකරල දාපං.. කමැන් කරන අයට ඒක කරදරයි...

    ReplyDelete
  3. හැමෝටම ඒ අද්දැකීම තියෙනවා නේ මොකද එදා හිතුනේ භයක් දැනුනේ නැද්ද?.

    ReplyDelete
  4. @පොඩි මෑන් : වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න බෑ නේද? මම රට වටේම හෙව්වා. දන්නවනම් කියපන්කෝ අයින් කරන හැටි..

    @අසරණයා : දවස් 3 විතර දොයි කියන්න බැරුව හිටියා..

    ReplyDelete