එන්න මගේ මල් වත්තට...

මම සමනල් පැටිය. මේ මගේ මල් වත්ත. සමනල් පැටිය හරිම හුරතල්. හරිම අහි0සකයි.

මෙතන ඉදන් ඔයගොල්ලන්ට පුලුවන් සමනලය ලියන දේවල් කියවන්න.

සමනලයට අවසරයි....................

සමනලයගෙ පසු පස එන්නන්..

Thursday, January 26, 2012

පුතේ, උඹේ කලිසම හැලෙනවා. උස්ස ගනින්.

ගලා යන පෝස්ට් එකක් කියවලා තමයි මේක හදිස්සියෙම මතක් වුනේ..


---------------------------------------------------------------------------------------------------------------


ගාල්ල - හබරාදුව බස් එකක්. වෙලාව දවල් 12 විතර ඇති. බස් එකේ සීට් ගානටම සෙනග හිටියා ඉස්සරහම සීට් එකේ හිටියෙ ගාල්ලෙන්ම නැගපු වයසක ආච්චි කෙනෙක්.

නේවි කැම්ප් එක හරියෙන් ඔය කියන විදියට කලිසමක් ඇඳගෙන කොල්ලෙක් නැග්ග බස් එකට. නැගල ටිකට් ගත්තෙ වැල්ලෙ දේවාල පාර ගාවට. ඔය කොල්ලට වාඩි වෙන්න සීට් එකක් තිබිලා නෑ. උඩ පොල්ල අල්ලගෙන තමයි ඉඳල තියෙන්නෙ.


බස් එකේ හැමෝම ඒ කොල්ල දිහා හොරැහින් බලනවා. මිනිහත් ගානක් නෑ.

ටිකකින් කලින් කියපු ආච්චි හඬ අවදි කරා.
"පුතේ, උඹේ කලිසම හැලෙනවා. උස්ස ගනින්."

මිනිහා ඌට නෙමෙයි ගානට ඉන්නවා.

ආච්චි ආයෙත්,
"පුතේ, මම උඹටයි කියන්නෙ."


ඒත් ඇහුනේ නෑ..

ආච්චි මේ පාර බැරි මර ගාතෙ ඉස්සරහට ඇදුනා. අර කොල්ලට පොඩි තට්ටකුත් දැම්ම,
"පුතේ, මම උඹටයි මෙච්චර වෙලා කිව්වේ. උඹේ කලිසම හැලෙනවා."

උණවටුනට ටිකට් ගත්ත එකා දෙවට හ0දියෙන් බැහැලා ගියාලු..

------------------------------------------------------------------------------------------------------------

සමනලයට ඔලුව උස්ස ගන්න බැරි වෙන තරමට වැඩ මේ දවස් වල. 2012 අවුරුද්දට බ්ලොග් කියවන්න අවෙත් අද.

සුනමි කතාවෙ ඉතුරු ටික ඊළඟ සුනාමියට කලින් කොහොම හරි දාන්නම්..




Monday, December 26, 2011

අදට අවුරුදු 7යි. ( ඇත්ත අත්දැකීමක් )

"අදට අවුරුදු 7ක් වෙනවා. ඒත් මට ඊයේ සිද්ද වෙච්ච සිද්දියක් වගේ මතකයි."

මුලින්ම තියෙන පින්තුරේ දැක්ක හැටියම හැමෝම දන්නව මොනව ගැනද අද සමනලය කතා කරන්න හදන්නෙ කියලා. 

මුලින්ම මේ ටිකත් කියන්න ඕන. සමනලයා තාම බ්ලොග් කෙටිල්ලට අලුත්. ඒ නිසා තාම සමනලයා හරියටම දන්නෙ නෑ බ්ලොග් කියවන අයගෙ රුචි අරුචි කම්. ඒක නිසා තමයි මුලින්ම සමනලයා නවල්ස් වලට වෙනමම බ්ලොග් එකකුත්, ජීවිත කතාවට වෙනමම බ්ලොග් එකකුත් හැදුවෙ. ඒත් සමනලයට දැන් පසක් වීගෙන වීගෙන වගේ යනවා ඒක සාර්ථක නෑ කියලා. ඒක නිසා සමනලයා තීරනය කරා බ්ලොග්ස් 2ක් ලියන්නෙ නැතුවා ලේබල්ස් වලට බෙදලා එකම බ්ලොග් එකේ ඔක්කොම දානවා කියලා.

ඒක නිසා මීට පස්සේ 138 නෑ. සමනල් පැටියා විතරයි..  

_________________________________________________________________________________



2004 දෙසැම්බර් 26 උදේ ඉර පෑවුවා. වෙනද වගේමයි. කිසිම වෙනසක් නෑ. කවුද හිතුවෙ මේක මුලු ළOකාවෙන් හරි අඩකම වගේ ජන ජීවිතේ කීතු කීතු කරන කාලකන්නි දවසක් වේවි කියලා. කවුරුවත්ම හිතන්න නැතුව ඇති. ඒක නිසා තමයි හැමෝම වෙනද වගේම තම තමන්ගෙ සුපුරුදු රාජකාරි සඳ පිටත්ව ගියේ. කිසිම බයක් සැකක් නැතුව කොළඹ කොටුවෙන් උදේ 6.50 පිටත් වෙන, ගාල්ලට එන පලවෙනි කෝච්චියට අම්මල තාත්තල තමන්ගෙ ආදරනීය ළමයිත් අරන් නැග්ගේ.

ඒත් හැමදේම වෙනස් වෙන්න ගියේ විනඩි 5කටත් අඩු කාලයක්. සමනලයට අද වගේ මතකයි සමනලය අම්මයි, තාත්තයි, මල්ලී එක්ක සුනමි රැල්ල පස්සෙන් පන්නද්දි දුවල ගිහින් ස්ලැබ් එකකට නැගල බේරුන හැටි. සමනලය ඇස් දෙකෙන් බලාගෙන ඉන්දැද්දිම ඇන්ටි කෙනෙක් වතුරෙ ගහගෙන ගිය හැටි. සමනලයා ඉස්සර ජීවත් වෙච්ච මාගාල්ලේ ගේ වටේ තිබුන විසල් තාප්ප කාඩ්බෝඩ් වගේ කඩන් වැටුන හැටි..



සමලයා එතකොට පොඩී. 8 වසරෙන් 9 වසරට පාස් වුනා විතරයි. එදා පෝය දවසක් වුනේ නැත්නම් සමනලය ඒ වෙන කොට ගාල්ල බස් ස්ටැන්ඩ් එකේ, මාතර කිවු එක හරියේ. එහෙනම් සමහර විට මේ බ්ලොග් එක ලියන්න සමනලය නැති වෙන්නත් ඉඩ තිබුන, මොකඩ ඒ කාලෙ සමනලයට ඔය වගේ වෙලාවකදි මොනව කරන්නද කියලා ඔලුවට එන්නැති ගතියක් තිබුනා. ( දැන්නම් එහෙම අවුලක් නෑ. කොහොමත් දැන් සමනලය තනියමනේ අගනුවර ජීවත් වෙන්නේ. )

අපි හිටියෙ මාගාල්ලෙ නේවි කෑම්ප් එක ගාව. නේවි එකෙන් තමයි ඇවිත් කිව්වෙ මුහුද ගොඩ ගලනව, දුවන්න කියලා. අපේ ඔලුවට එච්චරම ගියෙත් නෑ, මොකද මුහුද සැර දවසට සී ස්ට්‍රීට් එකට එහෙමත් වතුර එනව කියන එක ගාල්ලෙ අයට රහසක් නෙමෙයිනේ.

එලියට ඇවිත් බැලුවහම තමයි දැක්කෙ රැල්ලෙ උස. ඒක දැක්කහම අපිට ගෙදර උඩ තට්ටුවට නගින්න බැරි උනා. නේවි එකේ අය අපේ වත්ත මැද්දෙන් දුවනව. අපිත් ඒ අය පස්සෙන් දිව්ව. ඒ ගොල්ලො දුවල ගිහින් වත්ත කෙලවර තිබුනු අනුලා දේවී එකේ තාප්පෙ උඩින් පනිනවා. අපිට එහෙම පනින්න බෑ. වත්ත අන්තිම තියෙන ස්ලැබ් එක උඩ මාලු අල්ලන දෙන්නෙක් නැගල හිටියා. ඒ දෙන්න මුලින්ම මාවයි, මල්ලිවයි උඩට ගත්ත. අම්මවත් ගත්ත. 

තාත්තා අම්මව උඩින් තියන කොටත් වතුර පොඩ්ඩක්වත් ඇවිත් නෑ. අම්ම උඩට නැගල හැරෙන ඩින්ගට තාත්තගෙ උරහිස ගාවට වතුර පිරිල. අම්මයි, අර මිනිස්සු දෙන්නයි එකතු වෙලා තාත්තව උඩට ඇදල ගත්ත. 



තාත්තගෙ මොබයිල් එක ගෙනත් නෑ. සමනලය ගාවත් ඒ කාලේ මොබයිල්ස් නෑ, පොඩි දරුව වෙච්චි.. අම්මගෙ මොබයිල් එකෙන් අම්මා කෝල්ස් ගන්න පටන් ගත්ත. ( සුනාමි වෙලාවෙ මොබයිල්ස් අවුට් ඔෆ් සර්විස් උනාට, මේ වෙලාවෙ වැඩ කරා. ටිකකින් තමයි අවුට් ඔෆ් සර්විස් වුනේ. )

අම්මා ෆෝන් බුක් එකේ නම්බර්ස් වලට කතා කරන්න ගත්තා. මුලින්ම තිබුනෙ අයියා කියලා. ඒ කියන්නේ මගේ ලොකු මාමා. එයලා ඉන්නේ මාම්පිටියේ. අම්මා මාමාට කතා කරල කිව්වා "මුහුද ගොඩ ගලනව අපිව බේර ගන්න එන්න" කියලා. ස්ලැබ් එක උඩත් අපේ කකුල් හරියටම වතුර ඇවිත් එහෙම්මම බැහැල ගියා. හැමදේටම විනඩි 5වත් ගියේ නෑ.


***

නොදැනීම වගේ පෝස්ට් එක දිග වැඩි උනාද මන්දා..සමනලයා මුහුන දීපු ඒ අවාසනාවන්ත, අමිහිරි අත්දැකීමේ ඉතුරු ටික ඊළඟ පෝස්ට් එකේ දාන්නම්..

<<<<<<<<>>>>>>>>>>>>කමෙන්ට් එකක් දාලම යන්න..


Sunday, December 25, 2011

දකුනු කලුතර ඉඳන් අලුත්ගමට ටිකට් නැතුව කෝච්චියේ ආපු හැටි..




සමනල් පැටියා බ්ලොග් එකේ තියෙන්නෙ සමනලය ලියන නවල්ස්. සමනලයගෙ ජීවිත අත්දැකීම් තියෙන්නෙ 138 බ්ලොග් එකේ. මේක මගේ ජීවිත අත්දැකීමක් නිසා මේ පෝස්ට් එක 138 බ්ලොග් එකේ දැම්මා. මෙතනින් ගිහින් ඒක කියවන්න පුලුවන්.

කියවල කමෙන්ට් එකකුත් දාල යන්න..කෝකිලාවී ඉතුරු ටිකත් මේ සතියෙ කොහොම හරි දාන්නම්......

Saturday, October 8, 2011

කෝකිලාවී ( 01 කොටස )..


"මචන්, අර අරකි නේද?"
"මොකීද බන්?"
"අර class එකේ සින්දු කියපු කෑල්ල."
"අ, රෝසි?"
"රෝසි?"
"Yep මචන්. ඒකි රෝසි."
"ඇයි රෝසි කියන්නෙ ඒකිට?"
"රෝසි කට් කපල ඉන්න නිසා. අජිත්ගෙ pure class එකට එනව."

A/L වලට classes පටන් අරන් සති 2යි. අද General English class එක. ඇත්තම කිව්වොත් මේ class එකට මමනම් ගියේ fun එකට. O/L කාලෙත් ගිට නිසා. අඟහරුවාදා තමයි මේ class එක තිබුනෙ. අද class එකේ 2 දවස. අපි දැන් ඉන්නේ Galle Bus Stand එකේ. 

වෙලාව තිබුනෙ මේ ටික ලියන්න විතරයි. ලස්සන love story එකක්. මගේ යලුවෙක්ට වෙච්ච දෙයක්. Full story එක ඉක්මනටම දාන්නම්. 

දැනට කෝකිලාවී මතු සම්බන්දයි..

Tuesday, October 4, 2011

ළඟදීම...



සමනලය ලියන කුලුදුල් ආදර කතාව තාරුකා ලඟදීම සමනලයගේ මල් වත්තෙන් බලාපොරොත්තු වන්න..