එන්න මගේ මල් වත්තට...

මම සමනල් පැටිය. මේ මගේ මල් වත්ත. සමනල් පැටිය හරිම හුරතල්. හරිම අහි0සකයි.

මෙතන ඉදන් ඔයගොල්ලන්ට පුලුවන් සමනලය ලියන දේවල් කියවන්න.

සමනලයට අවසරයි....................

සමනලයගෙ පසු පස එන්නන්..

Showing posts with label ඇහැපු දැකපුවා. Show all posts
Showing posts with label ඇහැපු දැකපුවා. Show all posts

Thursday, January 26, 2012

පුතේ, උඹේ කලිසම හැලෙනවා. උස්ස ගනින්.

ගලා යන පෝස්ට් එකක් කියවලා තමයි මේක හදිස්සියෙම මතක් වුනේ..


---------------------------------------------------------------------------------------------------------------


ගාල්ල - හබරාදුව බස් එකක්. වෙලාව දවල් 12 විතර ඇති. බස් එකේ සීට් ගානටම සෙනග හිටියා ඉස්සරහම සීට් එකේ හිටියෙ ගාල්ලෙන්ම නැගපු වයසක ආච්චි කෙනෙක්.

නේවි කැම්ප් එක හරියෙන් ඔය කියන විදියට කලිසමක් ඇඳගෙන කොල්ලෙක් නැග්ග බස් එකට. නැගල ටිකට් ගත්තෙ වැල්ලෙ දේවාල පාර ගාවට. ඔය කොල්ලට වාඩි වෙන්න සීට් එකක් තිබිලා නෑ. උඩ පොල්ල අල්ලගෙන තමයි ඉඳල තියෙන්නෙ.


බස් එකේ හැමෝම ඒ කොල්ල දිහා හොරැහින් බලනවා. මිනිහත් ගානක් නෑ.

ටිකකින් කලින් කියපු ආච්චි හඬ අවදි කරා.
"පුතේ, උඹේ කලිසම හැලෙනවා. උස්ස ගනින්."

මිනිහා ඌට නෙමෙයි ගානට ඉන්නවා.

ආච්චි ආයෙත්,
"පුතේ, මම උඹටයි කියන්නෙ."


ඒත් ඇහුනේ නෑ..

ආච්චි මේ පාර බැරි මර ගාතෙ ඉස්සරහට ඇදුනා. අර කොල්ලට පොඩි තට්ටකුත් දැම්ම,
"පුතේ, මම උඹටයි මෙච්චර වෙලා කිව්වේ. උඹේ කලිසම හැලෙනවා."

උණවටුනට ටිකට් ගත්ත එකා දෙවට හ0දියෙන් බැහැලා ගියාලු..

------------------------------------------------------------------------------------------------------------

සමනලයට ඔලුව උස්ස ගන්න බැරි වෙන තරමට වැඩ මේ දවස් වල. 2012 අවුරුද්දට බ්ලොග් කියවන්න අවෙත් අද.

සුනමි කතාවෙ ඉතුරු ටික ඊළඟ සුනාමියට කලින් කොහොම හරි දාන්නම්..